|
සීමාසහිත
සදලංකාව නව විවිධ සේවා සමුපකාර සමිතිය
සදලංකා සද යන විරුදාවලියෙන් පිදුම් ලද ශ්‍රිධර වින්සන්ට් සුභසිංහ
ශ්‍රීමතාණන් විසින් "සමුපකාර සදලංකා" නමින් ආරම්භ කරන ලද මෙම සමුපකාර
සමිතිය 1971 ප්‍රතිසන්විධානයත් සමග සි /ස සදලංකාව විවිධ සේවා සමුපකාර
සමිතිය නමින් ලියාපදිංචි වී ක්‍රියාත්මක විය.
ඉන්පසු සි /ස සදලංකාව විවිධ සේවා සමුපකාර සමිතිය විභද්ධ වී 1985-08-23 දින
සීමාසහිත සදලංකාව නව විවිධ සේවා සමුපකාර සමිතිය ආරම්භ විය.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පිටිගල් කෝරලය, නැගෙනහිර කෝරලය හා
බටහිර කෝරලය යන තුන අතරින් පිටිගල් කෝරලය සමිති බල ප්‍රදේශය වන අතර මේ
වනවිට සාමාජික සංඛ්‍යාව 10800ක් පමණ වේ.
සි /ස සදලංකාව නව විවිධ සේවා සමුපකාර සමිතිය 1985-08-23 කුලී/ 262 යටතේ
ලියාපදිංචි වී ඇත. සමිති බල ප්‍රදේශයේ සාමාජික හා සාමාජික නොවන සියළුම
ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරන ප්‍රදේශයේ විශ්වාසනීය ස්වාධින
ආයතනයකි.
මෙවන් පරිසරයක් තුල පිහිටි සි /ස සදලංකාව නව විවිධ සේවා සමුපකාර සමිතිය
පිටිගල් කෝරලය හා අනුබද්ධිතව ජිවත් වන්නට අපගේ පාරිභෝගික සේවාවන් හා
ග්‍රාමීය බැංකු සේවාවන් ජනතාවගේ සේවා අවශ්‍යතාවයන් ඉටුකර දෙමින් ජනතාවගේ
සමීපතමයා බවට පත්වී ඇත.
|